කොරොනා වෛරසයෙන් සුවය ලැබූ නාවිකන් ගණන 785 දක්වා ඉහළ යයි

ජුනි 22, 2020

තවත් නැවියන් 12 දෙනෙකු අද (ජූනි 22) දින කොරොනා වෛරසයෙන් සුවය ලැබීමත් සමග වෛරසයෙන් සුවව රෝහල්වලින් පිටවන ලද මුළු නැවියන්ගේ සංඛ්‍යාව 785 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, සම්පූර්ණ සුවය ලැබූ නැවියන් PCR පරීක්‍ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව රෝහල්වලින් පිටත් කර ඇත.  

රෝහල්වලින් පිටත්ව ගිය නැවියන් සෞඛ්‍ය උපදෙස් අනුව ඔවුන්ගේ නිවෙස්වල සති දෙකක ස්වයං නිරෝධායනයකට භාජනය වීමට නියමිතය.