මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ජුනි 22, 2020

මාතර  සහ මහර බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් හට  පුළුල් ලෙස සහයෝගය දැක්වූ සහ සම්බන්ධ වී සිටි බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ  වැඩ තහනම් කර ඇත.  

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදුන් බවට චෝදනා ලැබ සිටින බන්ධනාගාර නියාමකයින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලීසියට භාර දී ඇති බවයි.  

උපුල්දෙණියට අනුව, මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියා රැඳවියෙකුට ජංගම දුරකථන තුනක් භාරදීමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබූ අතර, මාතර හි අනෙක් බන්ධනාගාර නිලධාරියා ද එවැනිම වරදක් කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.  

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මෑතකදී බන්ධනාගාර නිලධාරීන් අමතමින් අවධාරණය කලේ, එවැනි දුෂණ කටයුතු ඔවුන් නොකළ යුතු බවත් බන්ධනාගාරය තුළ සිටින වැරදිකරුවන් වූ පාතාල අපරාධකරුවන්ට අනුබල නොදෙන ලෙසත්ය.