එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලාංකිකයන් 217 ක් දිවයිනට

ජුනි 23, 2020

එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු රැගත් එමිරේට්ස් ගුවන් සේවයේ EK 2528 ගුවන් යානය අද (ජූනි 23) දින අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.  

පැමිණි පිරිස වෛද්‍ය පරීක්‍ෂාවට ලක්කර පසුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන  නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු තහවුරු කළේය.