TNT ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

ජුනි 23, 2020

බෝම්බ ඉවත්කිරීමේ කටයුතු වල යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, අරියාලේ ප්‍රදේශයේ දී TNT පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.5 ක ප්‍රමාණයක් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී ඊයේ (ජුනි 22) පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පලෙයි පොලිසිය වෙත ලද තොරතුරකට අනුව මුහමලේ හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර මීසාලේ සහ අරියාලේ  පදිංචි එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සැක කරනුයේ මෙම සැකකරුවන් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු වල යෙදී සිටියදී පුපුරන ද්‍රව්‍ය එකතු කර ඇති බවයි.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමේ අරමුණ කුමක්දැයි සොයා බැලීම සදහා වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.