වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු දින 59 කට පසු නැවත ආරම්භ කෙරේ - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

ජුනි 23, 2020

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් දින 59 ක් වසා දමා තිබු  ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර  කඳවුරේ කටයුතු අද (ජුනි 23)  නැවත ආරම්භ කරන ලදී.

කොරෝනා වෛරසයෙන් තොර බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කිරීමෙන් පසුව සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ එහි රාජකාරි නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය.

කොරෝනා වෛරසය ආසාදිත පළමු නාවිකයා අප්‍රේල් 22 වන දින හඳුනා ගැනීමත් සමග නාවික කදවුරු පරිශ්‍රය වසා දමන ලදි.
වෛරසය ආසාදනය වූ නැවියන් අතරින් 786 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටින නැවියන් ගණන 112 කි.

“ඔවුන් ඉක්මනින් සුවය ලබා සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු වල යෙදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.