චීන තානාපති කාර්යාලය රු. මිලියන 2.7 ක් රණවිරු සේවා අධිකාරියට පරිත්‍යාග කරයි

ජුනි 23, 2020

රණවිරු  සේවා අධිකාරියේ   සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීරගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය රණවිරුවන්ගේ සුභසාධන වැඩසටහන් වැඩි දියුණු කිරීම සඳහා රණවිරු  සේවා අධිකාරිය වෙත   මූල්‍ය පරිත්‍යාගයක්  කළේය.

අද (ජුනි 23) දින රණවිරු  සේවා අධිකාරි පරිශ්‍රයේ පැවති උත්සවයකදී, චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොං (Senior Colonel Wan Dong) විසින්   මේජර් ජෙනරාල් සේනාධිර වෙත  රුපියල් මිලියන 2.7 ක් පරිත්‍යාග වශයෙන් භාර දෙන ලදී. ආබාධිත රණවිරුවන් සඳහා කෘතිම අත් පා සහ වෙනත් ශාරීරික උපාංග මිලදී ගැනීමට සහ රණවිරුවන්ගේ පවුල්වල දරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දීම සඳහා  මෙම පරිත්‍යාගය යොදා ගැනේ.

සහකාර ආරක්ෂක උපදේශක කර්නල් චැං (Col. Chang) සහ රණවිරු  සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

රණවිරු  සේවා අධිකාරිය  යනු යුද්ධයෙන් මියගිය, අතුරුදහන් වූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බලන රාජ්‍ය ආයතනයකි.