අපරාධ කණ්ඩායමකට සම්බන්ධ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

ජුනි 24, 2020

අපරාධ කණ්ඩායමකට සම්බන්ධ චෝදනා ලැබූ 31 හැවිරිදි සැකකරුවෙකු අඟහරුවාදා (ජූනි 23) මුල්තිව් පුදුකුඩිඉරිප්පු හිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සැකකරු සමග හෙරොයින් මිලිග්‍රෑම් 17 ක් සහ කිනිස්සක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු උදයාර්කට්ටු, මුංගිල්ආරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.