ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව අරඹයි

පෙබරවාරි 15, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පැවති ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව අද (පෙබරවාරි 15) දින සාර්ථකව අවසන් විය. කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවතී මෙම සාකච්ඡාවේ සමාප්ති දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහාභාගී විය.

ඊයේ ආරම්භ වූ මෙම ද්විපාර්ශවීක සාකච්ඡාව සඳහා නාවික ක්ෂේත්‍රයට අදාළ මාතෘකා රාශියක් යොදාගන්නා ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (Akira Sugiyama) මැතිතුමන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ජපාන අගමැතිතුමන්ගේ විශේෂ උපදේශක කෙන්තාරෝ සොනූරා (Kentaro Sonura) මහතා, ජපාන ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා නාවික හමුදා ජේෂ්ඨ නිලධාරින් සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකායේ ජේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී විය.