රණවිරු සේවා අධිකාරිය, රණවිරුවකුගේ පුතෙකුට ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කරයි

ජුනි 25, 2020

ක්‍රීඩා කටයුතු වලට දිරිදීමක් ලෙස රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරු පුතෙකු වෙත ඊයේ (ජූනි 24) දින ක්‍රිකට් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කළේය.    

2009 පෙබරවාරි 05 වන දින සෙට්ටිකුලම් හි ත්‍රස්ත ප්‍රහාරයකින් සිය ජීවිතය පූජා කළ පළමුවන සන්නද්ධ බුද්ධි බලකායට අයත් බලලත් නිලධාරි II රත්නපාල එච්.කේ.එස්. යන අයගේ පුතණුවන් වන සංදීප කල්හාරගේ ඉල්ලීමකට අනුව රු. 60,000ක් වන මෙම පරිත්‍යාගය ලබා දී ඇත. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන අතර පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ.   

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර සහ පරිත්‍යාගශීලින් මේ සඳහා දායකත්වය ලබා දී ඇත. රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී මේජර් ජෙනරාල් සේනාධීර විසින් ක්‍රිකට් උපකරණ කල්හාර වෙත භාර දෙන ලදි. කළුතර දිස්ත්‍රික් රණවිරු සේවා අධිකාරියෙහි අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ කළුතර දිස්ත්‍රික් නිලධාරී මෙම අවස්ථාවට සහභාගී වූහ.