සිවිල් ආරක්ෂක බලකාය දිඝවාපියෙහි නිවාස 500 ක් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරයි

ජුනි 25, 2020

අම්පාර,  දිඝවාපිය ප්‍රදේශයේ  අතහැර දමා ඇති ගම්මාන වල නිවාස  500 ක් නිරෝධායන මධ්‍යස්ථානයක්  බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව එහි  මාධ්‍ය අධ්‍යක්ෂ  කර්නල් නිලන්ත රත්නසිංහ අද (25) දින පැවසීය.

කර්නල් රත්නසිංහ defence.lk වෙත පැවසුවේ, මෙම නිවස තෝරාගෙන ඇත්තේ අතහැර දැමු  ගම්මානයකින් බවත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් 100 කට වැඩි පිරිසක් අනුයුක්ත කර ඇති බවත්ය.

කාලෝචිත ජාතික අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම නිවාස ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව ඔහු පැවසීය.