නාවික හමුදාවෙන් ජංගම දන්ත වෛද්‍ය ඒකකයක්

ජුනි 25, 2020

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුනි 25) දින තාක්ෂණයෙන් උසස් ‘ජංගම දන්ත ශල්‍ය ඒකකයක්’ හදුන්වා දී ඇත.

උසස් දන්ත ශල්‍ය උපකරණවලින් සමන්විත සුඛෝපභෝගී රථයක නිර්මාණය කර ඇති මෙම නව ඒකකය නාවික සෙබළුන්ගේ පමණක් නොව දුෂ්කර ප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන්ගේ මුඛ සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබාදෙනු ඇත.

මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දන්ත වෛද්‍ය, මෝටර් රථ හා විදුලි ඉංජිනේරු අංශ වල නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයකි.

මෙම ඒකකය මගින් ඕනෑම හදිසි මුඛ සෞඛ්‍ය අපහසුතා සඳහා පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකි බව නාවික හමුදාව පවසයි.