ඇමරිකානු තානාපතිනිය ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

පෙබරවාරි 15, 2019

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මැතිතුමිය අද (පෙබරවාරි 15) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මහතා සහ එක්සත් ජනපද තානාපතිනිය අතර ද්විපාර්ශ්වීය වැදගත්කමකින් යුතු කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.