ඕමානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු මෙරටට

ජුනි 29, 2020

ඕමානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින (ජුනි 29) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත පැමිණ ඇත.

මොවුන් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඕමානයේ අතරමංව සිට ඇත.

ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණි පසු වෛද්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණයන්ට ලක් කර ඇත.

මේ අතර, ඉරිදා (ජුනි 28) හොංකොං  සිට පුද්ගලයින් 26 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත පැමිණ තිබේ.