පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

ජුනි 30, 2020

මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂාවට ලක් කර තිබේ.

පොලිසිය පවසන ආකාරයට, එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරුන් දෙදෙනෙකු සහ එක් කොස්තාපල්වරයෙකු ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇත.

දැනට සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා සහාය වී විශාල කොමිස් මුදලක් උපයා ගෙන ඇති බවයි.

ජූනි 28 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂකවරයා රුපියල් මිලියනයක මුදල් සහ මිනුවන්ගොඩ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සඳහා භාවිතා කරන ලද ජීප් රථයක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 31.1 ක පමණ මුදලක්   මත්ද්‍රව්‍ය ගනුදෙනු හරහා උපයාගෙන ඇති බවයි.

 මේ අතර, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත හට ස්ථාන මාරුවක් ලබාදීම පිළිබදව ජාතික පොලිස් කොමිසමෙන් උපදෙස් ඉල්ලා ඇත.