ක්වාලාලාම්පූර් සිටි ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු යළි මෙරටට

ජුනි 30, 2020

මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු UL 319 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අද උදෑසන (ජුනි 30) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව ගුවන් ගුවන්තොටුපල කාර්යභාර කළමණාකරු පැවසීය.

පැමිණි සියලු දෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇත.