යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර විෂබීජහරණය කරයි

ජුනි 30, 2020

යාපනයේ සේවය කරන හමුදා භටපිරිස්  අද (ජූනි 30) යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර විෂබීජහරණය කර ඇත.

තිරුනෙල්වේලි හි ආනන්දකුමාරසාමි බාලිකා නේවාසිකාගාරය සහ බාලසිංගම් පිරිමි නේවාසිකාගාරය මෙන්ම කොකුවිල් නව බාලිකා නේවාසිකාගාරය සහ ඒ අවට විෂබීජහරණය කරන ලදි.

යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම විෂබීජහරණ වැඩසටහන දියත් කරන ලදි.

පොලිස් විශේෂ කාර්ය බලකායද මෙම විෂබීජහරණ වැඩසටහනේදී යුද්ධ හමුදා සාමාජිකයින්ට සහාය ලබා දෙන ලදි.