සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පුරන් කුඹුරු අස්වද්දයි

ජුලි 01, 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ,   ජුනි 30 දින හංවැල්ල  වැලිකන්න  ප්‍රදේශයේ ආරම්භ කළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් පැවසීය.
 
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට හා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ උපදෙස් මත රට තුළ අත්හැර දමා ඇති කුඹුරු වගා කිරීමේ වැඩසටහන ආරම්භ කළේය .”ඔහු පැවසීය.
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ගෝවිජන සේවා නිලධාරීන් සමඟ එක්ව මෙම වැඩසටහන මෙහෙයවන බව ඔහු පැවසීය.

කෘෂි අස්වැන්න සහ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද දායකත්වය පිළිබඳව අගය කරමින් සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස්. දිල්හානි පැවසුවේ “දිවයිනේ විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ඔවුන් දක්වන දායකත්වය ජාතියට ඉමහත් සහයෝගයක්” බවයි.
 .
වැලිකන්න,ලහිරුගම ව්‍යාපෘතියට අනුව අක්කර පහක් සීසෑම අවසන් කොට වගා කටයුතු කිරීමට නියමිත  බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නිලන්ත රත්නසිංහ පැවසීය.