පොලීසිය හෝමාගම ප්‍රදේශයේ නිවසකින් ආයුධ තොගයක් සොයා ගනී

ජුලි 02, 2020

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ අද (ජුලි 02) අලුයම සිදුකළ වැටලීමකදී නිවසක සඟවා තිබු තවත් ආයුධ සහ පතොරම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම මෙහෙයුමේදී අත් බෝම්බ 04 ක්, පිස්තෝල අවි 01, ඩෙටනේටර් 02 ක්, දේශීයව නිපදවන ලද ගිනි අවියක්, අත් විලංගු ජෝඩු 01 ක්, වායු රයිෆල් අවි 01 ක් සහ එම උණ්ඩ 600 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන ආකාරය අනුව, හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් ලද තොරතුරකට අනුව අතුරුගිරිය ප්‍රදේශයේ සැගවී සිටි තවත් සැකකරුවකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

හබරකඩ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ලද තොරතුරු වලට අනුව එම නිවස සොයා ගැනීමටත්, කැන්දලන්ද  ප්‍රදේශයෙන් ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමටත් හැකි වූ බව පොලිසිය සදහන් කරයි.