යුධ හමුදාව යාපනයේ පාසල් විෂබීජහරණය කරයි

ජුලි 03, 2020

සඳුදා (ජූලි 06) දින පාසල් ආරම්භ වීමට පෙර සිසුන් සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම පිණිස  යාපනයේ සේවය කරන යුද හමුදා සාමාජිකයින් එහි ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනේ කාර්යක්  ලෙස පාසල් ගණනාවක් විෂබීජහරණය කළහ.

චුන්නාකම්, ඉනුවිල්, උඩුවිල්, කෝපායි , තවාඩි, උජරපුලම්, උරුම්පිරායි, වේලණි , කයිට්ස්, අරියාලෙයි, අරාලි, වඩුක්කොඩ්ඩයි, සංගරතයි, මල්ලාකම්, අලවෙඩ්ඩි, පන්නාලෙයි, මාවඩිපුරම් ,සන්දිලිප්පායි, තයිද්දී, කන්කසන්තුරේ,පලෙයි, කුරුම්ම්පසිද්දී,වාසවිලාන්,මයිලඩි, වලලායි , ඉරුපලෙයි, කරම්පන්, තෙලිප්පලේ , විමන්කාමම් , වර්දවිලන්, ඔට්ටහප්පුලම් සහ උරනි යන ප්‍රදේශවල පාසල්  යුද හමුදාව  විසින් විෂබීජහරණය කරන ලදී.

යාපනයේ ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

සඳුදා (ජූලි 06) දින සිට 5 , 11 සහ 13  ශ්‍රේණි සිසුන් සඳහා පාසල් ආරම්භ කරන බව රජය මෑතකදී නිවේදනය කළේය.