බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකල සිර මැදිරි පරීක්ෂාවකදී ජංගම දුරකථන සොයා ගනී

ජුලි 03, 2020

බන්ධනාගාර නිලධාරීන් විසින් ජුනි 27 දින සිට පසුගිය දින කිහිපය තුළ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ අඛණ්ඩව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ජංගම දුරකථන 16 ක් සහ උපාංග ඇතුළු නීති විරෝධී භාණ්ඩ තොගයක් සොයා ගන්නා ගෙන ඇත.

බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) චන්දන ඒකනායකට අනුව, බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වන රහසිගත මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු බන්ධනාගාර සිරකුටි සෝදිසි කිරීම සිදු කර ඇත.

රවුටරයක්, ජංගම දුරකථන චාජර් කිහිපයක්, සිම් කාඩ්පත් සහ ජංගම දුරකථන බැටරි මෙම සෝදිසි මෙහෙයුම් වලදී සොයාගත් බව ඔහු පැවසීය.

මේ අතර, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ ගේ සිර මැදිරියෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් ජංගම දුරකථන සහ අනවසරයෙන් තබාගෙන සිටි  උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් වලින් තොර සියලු ප්‍රජාවන්ට අනාගතයේ සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත් වීමට හැකි සමාජයක් ඇති කරන බවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ජුනි 16 වන දින සහතික විය.