අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරන ලද මාර්ග ධාවනය 2019

පෙබරවාරි 19, 2019

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) මගින් සංවිධානය කරනු ලබන 2019 මාර්ග ධාවනය සඳුදා (පෙබරවාරි 18) දින කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ විය.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (The International Military Sport Council – “Conseil International du Sport Militaire” -CISM) 1948 පෙබරවාරි 18 දින ආරම්භ වන අතර, සාමාජික රටවල් 134 ක හමුදා සාමාජිකයින් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් ගණනාවක් සංවිධානය කරනු ලබයි. මෙහි පරමාර්ථය වනුයේ ක්‍රීඩාව හරහා සන්නද්ධ හමුදාවන්ගේ එකමුතුව තුලින් ලෝක සාමය උදා කර ගැනීමයි.

මෙවර මෙම මාර්ග ධාවනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ රෝද පුටු ආධාරයෙන් ගමන් කරන අබාධිත රණවිරුවන් පිරිසක් ද සහභාගී විය.