විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු ජපානයේ සිට මෙරටට

ජුලි 04, 2020

ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු සිකුරාදා දින (ජුලි 03) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 455 ගුවන් යානය මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව අද දින  (ජුලි 04) නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.