තවත් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

ජුලි 04, 2020

පුද්ගලයින් 98 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් සිකුරාදා (ජුලි 03) ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.

ඔවුන් සති දෙකක නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති අතර, සිදු කරන ලද අවසන් PCR පරීක්ෂණ වලදී COVID 19 ආසාදිතව නොමැති බව තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් 86 දෙනෙකු රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේදීද තිදෙනෙකු අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේදී ද නිරෝධායනය ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇත.