ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලදී මේ වන විට පුද්ගලයින් 17,764 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර ඇත

ජුලි 04, 2020

ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 17,764 දෙනෙකු පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද පැවසීය.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන 50 ක පුද්ගලයින් 6,200 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුව කොලඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 155 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ බ්‍රහස්පතින්දා (ජුලි 02) දින සිට නිරෝධායනයට ලක් වෙමින් සිටී