ජූලි 04 වන දින සිට සැකකරුවන් දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

ජුලි 06, 2020

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී අවි ආයුධ සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව මත වරෙන්තුකරුවන් 595 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2,120 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 05 දින මධ්‍යම රාත්‍රිය දක්වා වූ කාලය තුල පොලීසිය විසින් සිදු කරන ලද විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම් වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 648 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 5,068 ක්, ගංජා කිලෝග්‍රෑම් 1,281 ක් සහ අයිස් ග්‍රෑම් 152 ක් (crystal methamphetamine) අත්අඩංගුවට ගෙන තිබේ.

ජුනි 16 වන දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනාගතයේ දී මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් වලින් තොර සමාජයක සහ සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත් වීම ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් සහතික කරන ලදි.