‘ඉටුකම ’ COVID-19 අරමුදල් ශේෂය රු. බිලියන 1.4 පසු කරයි

ජුලි 07, 2020

ඉටුකම ’ COVID-19, සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල් ශේෂය රු. මිලියන 1,448 ක් දක්වා ඉහළ යයි.  

84 හැවිරිදි ගුරුවරියක් වන එම්.ඒ.එච්.පී. මාරසිංහ විසින් ‘ඉටුකම ’ COVID-19 අරමුදලට රු. 200,000 ක් පුත්තලම් සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඊයේ (ජුලි 06) දින ලබා දී ඇත.  

මේ අතර, වැලිසර ස්වසන රෝග සඳහා වූ ජාතික රෝහල විසින් රු. 135,044.53 ක චෙක් පතක්  ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ වෙත පරිත්‍යාග කර ඇත.  

මීට අමතරව, අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් රු. 34,865.95 ක් හා බේරුවල නගර සභාව විසින් රු. 131,200 ක් අරමුදලට ලබා දී ඇත.  

මේ දක්වා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් මෙම අරමුදලට සිය දායකත්වය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  

චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරු මගින් හා  www.itukama.lk හරහා හෝ #207# අමතා මෙම අරමුදලට තැන්පතු කළ හැකිය.  

වැඩි විස්තර සඳහා 0760700700 / 0112320880 / 0112354340 හෝ 0112424012 අමතන්න.