සයුරළ නෞකාව ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX 19) සඳහා සහභාගී වෙයි

පෙබරවාරි 20, 2019

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) දින අබුඩාබිහි මින ෂයිඩ් ජැටිය (Mina Zayid) වෙත සේන්දු වන ලදී. මෙම නෞකාව පසුගිය සතියේ පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව (IDEX) වෙත සහභාගී වන ලදී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිගරු ජනාධිපති, ෆයික් කලීෆා බින් සයිඩ් අල් නයාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව පසුගිය ඉරිදා (පෙබරවාරි 17) අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශනය මෙය වන අතර, ආරක්‍ෂාවට අදාල ගොබඩිම්, සාගර සහ ගුවන් යන අංශයන්ගේ භාවිතාවන නවිනතම තාක්‍ෂණික අංගෝපාංගයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. මෙම ආරක්‍ෂක ප්‍රදර්ශනය බ්‍රහස්පතින්දා (පෙරබවාරි 21) අවසන්විමට නියමිතව ඇත.