මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරියෙක් අත්අඩංගුවට

ජුලි 08, 2020

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත තවත් පොලිස් කොස්තාපල්වරයකු අඟහරුවාදා (ජූලි 07) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවත්වන ලද  සම්බන්ධතාවයක් පිළිබඳව දැනට සිදුකෙරෙන විමර්ශනවල 17 වන සැකකරු ලෙස එම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරියා රාගමදී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක වසන්ත කුමාරද  ඊයේ කඩවත පොලිසියට භාර වූ බව පොලිසිය පවසයි.