කොත්මලේ ඔය අසල තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් සොයාගනී

ජුලි 08, 2020

ලද තොරතුරකට අනුව අඟහරුවාදා (ජූලි 07) සවස නාවලපිටිය කොත්මලේ ඔය අසල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයින් පිරිසක් විසින් ලබා දුන් තොරතුරකට අනුව කොත්මලේ ඔය ආසන්නයේ පිහිටි ගුහාවක තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ක් පමණ ඩෙටනේටර් 99 ක් සහ දුම් බෝම්බ 8 ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

පසුව, ඩෙටනේටර් 99 මහනුවර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පුපුරුවා හරින ලද බව පොලිසිය පවසයි.
නාවලපිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, ජූලි 03 වන දින කිලිනොච්චි, පලෙයි අයියකච්චි හි නිවසක සිදු වූ පිපිරීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා අද දින (ජූලි 08) උදෑසන අනුරාධපුර රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු යැයි කියනු ලබන මෙම 44 හැවිරිදි පුද්ගලයා බෝම්බයක් නිපදවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබේ.

පාසල් ගුරුවරියක් වන මියගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය විසින් ඔවුන්ගේ නිවසේදී සිදුකරන ලද සෝදිසි කිරීම් වලදී දේශීයව නිපදවන ලද තවත් බෝම්බ තුනක් සහ එල්ටීටීඊ සැමරුම් වැකියක් සහිත බැනරයක් සොයා ගන්නා ලදී.

ත්‍රස්තවාදී විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.