පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 1,885 ක් පොලිස් අත්අඩංගුවට

ජුලි 08, 2020

අඟහරුවාදා (ජූලි 07) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ පැය 24 තුළ සිදු කල විවිධ වැරදි සම්බන්ධයෙන් රට පුරා පුද්ගලයින් 1,885 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 189 කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් 260 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අයිස් (Crystal Methamphetamine) ග්‍රෑම් 176 කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 163 දෙනෙකු සහ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග වෙන්වෙන්ව සිදු කරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබේ
මීට අමතරව නීතිවිරෝධී මත්පැන් ලීටර් 3,310 ක් සමඟ සැකකරුවන් 367 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර, දේශීයව නිෂ්පාදනය කරන ලද තුවක්කු හයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තු ලබා සිටි සැකකරුවන් 297 දෙනෙකුද  විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 782 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.