නාවික හමුදාව විසින් පළමු සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ආරක්ෂක ලේකම් වෙත භාර දෙයි

ජුලි 09, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව පළමු සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත මීට සුළු  වේලාවකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ දී භාර දුන්නේය.

රටේ සමුද්‍ර කලාපයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය සම්පාදනය කර ඇත.

මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය බලයේ ස්විශේෂී ස්වභාවය සහ ජාතික අවශ්‍යතා සදහා  එය යොදා ගතහැකි ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාව පවතී.

සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයේ විද්‍යුත් පිටපත වෙත  https://www.navy.lk/doctrine.html හරහා ප්‍රවේශ විය හැකිය.