වැලිසර නාවික හමුදා රෝහලේ කටයුතු අද සිට පෙර පරිදි

ජුලි 10, 2020

දින 77 ක් වසා දමා තිබු වැලිසර නාවික හමුදා රෝහල අද දින (ජූලි 10) සිට නැවත බාහිර  රෝගීන් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කල නැවියන් හට කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් අනතුරුව නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අප්‍රේල් 24 වන දින රෝහල් කටයුතු නවතා දමා තිබූ බව ඔහු පැවසීය.  

සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ මහා සඟරුවන උදෙසා පැවති දානමය පිංකමකින් පසුව රෝහලේ කටයුතු අද ආරම්භ කල බව සුරියබණ්ඩාර පැවසීය.