ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු පොලිස් අත්අඩංගුවට

ජුලි 10, 2020

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල අපරාධකරුවෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් ‘කළු මල්ලී’ ඊයේ දින (ජූලි 09) රාත්‍රියේ අංගොඩදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

පාතාල අපරාධකරුවෙකු වන සැකකරු කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු බව පොලිසිය පවසයි.   

පොලිසිය පවසන ආකාරයට, සැකකරුගේ බැංකු ගිණුමේ රු. මිලියන 42.8 ක මුදලක් තැන්පත් කර තිබු බව සොයාගෙන ඇත.