එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234 ක් මෙරටට

ජුලි 11, 2020

එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුලි 11) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.   

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයන් එංගලන්තයේ මාස කිහිපයක් අතරමංව සිට ඇත.  

යලි මව්බිමට පැමිණි මෙම පිරිස, ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කරවා PCR පරීක්‍ෂණ සිදුකර තිබේ.