නිරෝධායනය සම්පූර්ණ කල පුද්ගලයින් 100 දෙනෙකු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි

ජුලි 11, 2020

පලාලි හි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කල ලෙබනනය, ලතින් ඇමරිකාව සහ ජපානය යන රටවල සිට මෙරටට පැමිණි 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින  (ජුලි 11 ) සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.  

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යාමට පෙර ඔවුන් PCR පරීක්‍ෂණවලට භාජනය කළ බවයි.   

ශ්‍රී ලංකාවේ COVID-19 පැතිර යාම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි.