විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම නතර කෙරේ

ජුලි 12, 2020

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ජූලි 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි නවත්වා ඇති බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසයි.  

මෙම තීරණය තාවකාලික පියවරක් වන බවත් තත්වය සාමාන්‍ය වූ පසුව නැවත පෙර පරිදි ක්‍රියාකරන බව ඔහු defence.lk වෙත පැවසීය.  

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් වලට අනුව කොරෝනා වෛරස් වසංගතයට ගොදුරු වූ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියා කරමින් තිබිණ.