පාතාල කල්ලි සාමාජිකයන් අංගොඩදී පොලිස් අත්අඩංගුවට

ජුලි 13, 2020

පොලිසිය වෙත ලද තොරතුරක් මත අද (ජූලි 13) උදෑසන අංගොඩ හි දී සිදුකල මත්ද්‍රව්‍ය නාශක වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිදුකල වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පාතාල සාමාජිකයින් වන  ‘අංගොඩ ලොක්කා’ සහ ‘පෙතියාගොඩ සංඛ’ යන අයගේ සමීපතමයන් බවයි.