කොරෝනා ආසාදිතව සිට සුවය ලැබුවන් 1,981 ක් සහ ආසාදිතයින් 2,646 ක් දක්වා ඉහළ යයි

ජුලි 14, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව  1,981 ක් දක්වා සහ පසුගිය දින කිහිපය තුළ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව රෝගීන් 440 ක් වාර්තා වීමත් සමග වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,646 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාලදිවයිනේ සිට ආපසු මෙරටට පැමිණි දෙදෙනෙකු ඇතුළුව කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 29 දෙනෙකු ඊයේ දින (ජූලි 13) වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට  අනුව වෛරසය ආසාදනය වූ රෝගීන් 654 දෙනෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 11 කි.