උතුරේ වැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර තවදුරටත්

පෙබරවාරි 23, 2019

උතුරු ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ජිවන තත්වය නංවාලීම සඳහා සහ සිවිල්-හමුදා සහයෝගීතාව සහ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගියදා පැවති එවැනි එක් වැඩසටහනක් මගින් යාපන අර්ධද්වීපයේ පිහිටි ප්‍රජා මධ්‍යස්ථාන සහ ධීවර සංගම් කිහිපයක් සඳහා පුටු සහ වෙනත් ගෘහ උපකරණ රාශියක් පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව කොඩිකාමන් දුරගමාලී පෙර පාසල, කලෙයිවානි ප්‍රජා මධ්‍යස්ථානය, තිරුමල්වාර් ප්‍රජා මධ්‍යස්ථානය සහ ලිගෝරිආ (Ligoria) ධීවර සමිතිය වෙත ප්ලාස්ටික් පුටු සහ අත්‍යවශය ගෘහභාණ්ඩ තොගයක් ප්‍රදානය කළහ.

ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 21) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දුරගමාලී පෙර පාසලේ දී මෙම උත්සවය පවත්වන ලදී.

මේ අතර, පසුගිය සඳුදා (පෙබරවාරි 18) දින කිලිනොච්චිහි තඩ්ඩුවන්කෝඩේයි සහ මුරුසුමොඩෙයි ප්‍රදේශ වල ගංවතුරට ගොදුරු වූ සිවිල් වැසියන් 66 දෙනෙකු සඳහා සහල්, කිරිපිටි, සීනි, පරිප්පු ආදී වියළි ආහාර සහිත පාර්සල් බෙදාදෙන ලදී. මෙම ප්‍රජා සත්කාරය සඳහා කිලිනොච්චියේ වෙසෙන කාන්තන් මහතා පුර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

මීට අමතරව, ඇඳන් තොගයක් ද ජනතාව අතර බෙදාදෙන ලදී.