විශ්‍රාම යන නාවික හමුදාපති ආරක්ෂක ලේකම් හමුවයි

ජුලි 14, 2020

විශ්‍රාම යන නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා අද දින (ජූලි 14) අමාත්‍යාංශ පරිශ්‍රයේදී  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

අද දින (14)  සිට බල පැවැත්වෙන පරිදි විශ්‍රාම යන නාවික හමුදාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් අද්මිරාල් නිලයට උසස් කරන ලදී.

වසර 36 ක නාවික හමුදා සේවා කාලයක් සම්පුර්ණ කල ඔහු හෙට දින (ජූලි 15) විශ්‍රාම යාමට නියමිතය.

2019 ජනවාරි 1 වන දින ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපති ලෙස පත් කරන ලදි.

පැවති සුහද සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් විශ්‍රාම යන නාවික හමුදා ප්‍රධානියාගේ සේවය අගය කරමින් ඔහුගේ ඉදිරි අනාගතය සදහා සුභ පැතුම් එක් කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.

Sinhala.