සමාජ මාධ්‍ය ජාලා හරහා කොරොනා වෛරසය පිළිබඳ පැතිරෙන අසත්‍ය තොරතුරු රජය ප්‍රතික්‍ෂේප කරයි

ජුලි 15, 2020

•    ඇඳිරි නීතිය හෝ නිවාඩු දින ප්‍රකාශයට පත් කර නොමැත

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කොරොනා වෛරස්  තත්ත්වය හා සම්බන්ධ විවිධ වැරදි තොරතුරු ප්‍රචාරයන් මගින් නොමඟ නොයන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.  

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අඟහරුවාදා (ජුලි 14) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සහ ඔවුන් අශ්‍රිතයින් හඳුනාගෙන ප්‍රමාදයකින් තොරව නිරෝධායන ක්‍රියා පටිපාටිය සඳහා යොමු කිරීමට අදාළ පියවර ගෙන ඇති බවයි.   

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ නව අසාදිත සිද්ධීන් ඇතිවීමත් සමග සමඟ ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.   

මේ වන විට පවතින තත්වය හේතුවෙන් නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හෝ ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳ පැතිර යන කටකතා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.   

රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

Sinhala.