ගුවන් හමුදාව විසින් ප්‍රාථමික පාසලක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරයි

පෙබරවාරි 25, 2019

අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් විසින් මෑතකදී අලුතින් ඉදිකරන ලද රාජගල ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතියක් සිසු අයිතියට පත්කර ඇති බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම නව සනීපාරක්ෂක පද්දතියේ ඉදිකිරීම් කටයුතු අම්පාර ගුවන් හමුදා කඳවුරේ භටපිරිස් විසින් සිදු කරන ලද අතර ඒ සඳහා ගුවන් හමුදාපති සුබසාධන ගිණුමෙන් අරමුදල් ලබා දෙන ලදී.

මේ අතර, 68 වන ගුවන් හමුදා දින සැමරුමට සමගාමීව කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි භටපිරිස් විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන ව්‍යාපාරය මගින් කටාන ප්‍රාදේශීය සභා ක්‍රිඩා පිටිය සහ යටියන ශාන්ති වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ කටයුතු පිලිවෙලින් පෙබරවාරි 20 සහ 21 යන දිනයන්හි සිදුකරන ලදී. මේ සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරින් සහ සෙසු නිලයන් 50 කට වැඩි පිරිසක් සහභාගී වුහ.