දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,642 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ජුලි 17, 2020

ඊයේ මධ්‍යම රාත්‍රියෙන්  අවසන් වූ කාලය තුල  දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,642 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනෙකු ලග තිබී ජීව උණ්ඩ  නවයක් සමග  රිපීටර් තුවක්කු දෙකක්, අත් බෝම්බ 17 ක් සමග  පුද්ගලයෙක්, නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 364 ක්, නීතිවිරෝධී මත්පැන් සඳහා 281 ක්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මගහැර සිටින  275 ක් සහ වෙනත් ඒ හා සමාන වැරදි සඳහා 719 ක් අදාළ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම් වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 3,857 ක්, ගංජා කිලෝග්‍රෑම් එකක්, ‘අයිස්’ ග්‍රෑම් 13  ක් සහ හෙරොයින් ග්‍රෑම් 153 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.