ජංගම දුරකථන 53 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට

ජුලි 17, 2020

බන්ධනාගාර නිලධාරීන් විසින් බදාදා (ජූලි 15) දින වැලිකඩ  කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ කළුතර බන්ධනාගාර වල සිදු‍කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව ජංගම දුරකථන 53 ක් සමග දුරකථන බැටරි සහ සිම් කාඩ්පත් ඇතුළු උපාංග අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස් (පරිපාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන පරිදි ජංගම දුරකථන 38 ක්, දුරකථන බැටරි 254 ක් සහ සිම් කාඩ්පත් 05 ක් අඩංගු පාර්සල් 18 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පාර්සල් යාබද දෙමටගොඩ වනාතමුල්ලේ නේවාසික ප්‍රදේශයක සිට වැලිකඩ කාන්තා අංශයට තාප්ප වලට ඉහලින්  විසිකර ඇත.

බන්ධනාගාරයේ කාන්තා අංශය සහ අනවසර පදිංචි කරැවන්ගේ ප්‍රදේශයේ කොටසක් වෙන් වන්නේ තාප්පයකින් පමණක් බැවින් මෙය බන්ධනාගාර නිලධාරීන්ට දීර්ඝ කාලීනව පවතින අභියෝගයක් බව ඔහු පැවසීය.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන ලද තවත් මෙහෙයුමකදී ජංගම දුරකථන 15 ක්, ජංගම චාජර් 02 ක් සහ සිම් කාඩ්පත් 12 ක් රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

ඊයේ (ජුලි 16) දින කළුතර බන්ධනාගාරයට පාර්සල් විසි කළ බවට චෝදනාලැබූ පුද්ගලයින් 15 දෙනෙකු කළුතර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්ෂණ දිගටම කරගෙන යන බැවින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලදි.

“බන්ධනාගාර දූෂණ වලින් තොර ස්ථානයක් කිරීම අරමුණු කොට ගෙන මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් කරගෙන යනවා යැයි“ ඔහු තවදුරටත් පැවසුවේය.