පොලිසිය, අනවසරයෙන් වාහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරයි

ජුලි 17, 2020
  •    ‘වාහන නැවැත්වීම තහනම් ’ සංඥා පුවරු පිළිපැදීම අනිවාර්යයි .

සිකුරාදා (ජූලි 17) සිට අනවසරයෙන් වාහන නැවැත්වීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පදික වේදිකා සහ අනවසර ස්ථානවල වාහන නැවැත්වීම තුලින් විශේෂයෙන් නාගරික ප්‍රදේශවල රථවාහන තදබදයට සහ බොහෝ මාර්ග අනතුරු වලට හේතු වන බැවින් පොලිසිය මෙම පියවර ගෙන ඇත.

“වාහන නැවැත්වීමට අවසර නොමැති ස්ථානවල මෙන්ම පදික වේදිකාවල නවතා ඇති වාහන සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කරනවා”, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මෝටර් රථ ගමනාගමන (සංශෝධන) පනතේ සහ විධිවිධානවලට අනුව තම වාහන අනවසර ස්ථානවල නවතා තබන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පවසයි.

මේ අතර, ‘වාහන නැවැත්වී තහනම්’ සංඥා ඇති ස්ථානවල වාහන නැවැත්වීමෙන් වළකින ලෙස ඔහු සියලුම රියදුරන්ගෙන්  සහ යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Sinhala.