අවුරුදු 12 ක ආසාදිතයෙක් රාජාංගණයෙන්

ජුලි 18, 2020

ඊයේ (17) සිදුකරන ලද පරීක්ෂණ 139 න්, රාජාංගණය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදිතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂණ 174 ක් අතුරින් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බවද ඔහු පැවසීය.

මෙතෙක් සිදුකරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව කන්දකාඩු පොකුර පාලනය කර ඇති බවත් එය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.