දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ජුලි 18, 2020

අද දින උදෑසන වන විට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

රිපීටර් තුවක්කුවක්, කඩුවක් සහ නීති විරෝධී පිහියක් ඔවුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු, නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 420 ක් සහ නීති විරෝධී මත්පැන් සඳහා 351 ක් දෙනෙක්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මගහැරී පුද්ගලයින් 386 ක් සහ වෙනත් ඒ හා සමාන වැරදි සඳහා 665 දෙනෙකු අදාළ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 3,667 කට වැඩි ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් එකක්, ‘අයිස්’ ග්‍රෑම් 3 ක් සහ හෙරොයින් ග්‍රෑම් 140 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.