නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු තවදුරටත් ප්‍රථිකාර ලබමින් සිටී

ජුලි 19, 2020

ඉරිදා දින (ජූලි 19) වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් නාවිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් නැවියන් තිදෙනෙකු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.    

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නැවියන් තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වේ.    

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වූ ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් 906 දෙනෙකු අතුරින් 903 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.