මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

ජුලි 19, 2020

මහා පරිමාණ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුවෙකු සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 170 ක් සමඟ පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සිකුරාදා දින  (ජූලි 17) පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

තවද, සැකකරු දැනට රිමාන්ඩ් භාරයේ සිටින ‘කොස්ගොඩ තාරක’ සහ ‘ගගන’ ගේ සමීපතමයකු බවද පරීක්ෂණවලින් හෙළි වී ඇත.

Sinhala.