දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජුලි 20, 2020

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ සදහා  නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එක් වර ජල උල්පත් ඇතිවීම, බිත්ති මත ඇතිවන පිපිරුම් හා පොළවේ ඇතිවන ඉරිතැලීම් හදිසියේ දිස්වීම නායයෑම් සිදුවීමේ පුර්ව ලක්ෂණ විය හැකි බැවින් ඒ පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.

Sinhala.